ප්‍රමුඛ පුවත 1

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – අද(11) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙනී සිටීමට නියමිතව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා විසින් අමාත්‍යවරයාගේ ඡායාරූපය පාසල් පෙළපොත්වලට ඇතුලත් කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයේදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි.

ඉලංගසිංහ මහතාට එරෙහිව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් ඔහු ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම කැදවීම සිදුකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැටන් වලදී කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Mohamed Dilsad

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියට භාරවෙයි

Mohamed Dilsad

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

Leave a Comment