ප්‍රමුඛ පුවත 1

ජාතික රූපවාහිනියේ, සැලසිනේ ආයතනය සහ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටු වෙනස් වෙයි

(UTV| කොළඹ) – ආණ්ඩුවේ පාලනය යටතේ පවතින රූපවාහිනී ආයතන දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි (ජාතික රූපවාහිනිය) සහ ස්වාධීන රූපවාහිනී සේවයෙහි (ITN) අධ්‍යක්ෂ මණ්ඩල සභපති තනතුරු සඳහා කාන්තාවන් දෙදෙනෙක් පත් කිරීමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇත.

මෙම පත්වීම් අද (මැයි 14 ) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කොට ඇති බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ප්‍රවීන සිනමාකාරියක වන ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ජාතික රූපවාහිනියේ සභාපතිනිය වශයෙන් පත් කරනු ලැබ ඇත.

ස්වාධීන රූපවාහිනියේ ( වැඩබලන)  සභාපති ධුරයට පත් කොට ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරිනියක වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) තිලකා ජයසුන්දර මහත්මිය යි.

ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරු සඳහා කාන්තාවන් පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට හිටපු සභාපති සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා නැවතත් පත් කොට ඇත. ඒ මහතා පළමු වරට පත්කරනු ලැබූවේ 2017 දෙසැම්බර් මාසයේදී ය.

මේ අතර ‘සැලසිනෙ’ ආයතනයේ සභාපති තනතුරටද කාන්තාවක් පත් කොට ඇත. ‘සැලසිනෙ’ නව සභාපතිනිය උමා රාජමන්ත්‍රී මහත්මියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment