විදෙස්

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුරබායා ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් වාර්තාවී නොමැත.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊයේ බෝම්බ පිපිරීම් මාලාවක් සිදු විය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාරගත් අතර, අද සිදුවූ පිපිරීමද අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැක කරනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment