විදෙස්

ඉතාලිය දේශපාලන අර්බුදයක

(UTV| කොළඹ) –  ඉතාලියට යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ.

ඒ සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ සාකච්ඡා අසාර්ථක වීම නිසාය.

ඉතාලියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හමුවේ මෙම වසර අවසාන වන තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට හෝ යළිත් මැතිවරණයක් පැවැත්වීමට හෝ සිදුව ඇති බව ව්දෙස් වාර්තා සඳහන් කරයි.

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවති තෙවන සාකච්ඡා වටය ද අසාර්ථක වීම හමුවේ රජයට විකල්ප 2ක් පමණක් තවදුරටත් ඉතිරිව ඇති බව ඉතාලි ජනපති සර්ජියෝ මටරෙල්ලා කියා සිටියේ ය.

ලබන ජූලි මාසයේදී නව මැතිවරණයක් පවත්වන ලෙස එරට ප්‍රධාන දේශපාලන පක්ෂ බල කරන බව ද ජනපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Mohamed Dilsad

ණය බරින් මිරිකෙන මාලදිවයින

Editor O

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

Leave a Comment