විදෙස්

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මේ අතර තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ.

 

භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එරට විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවය.

 

අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති රිසෙප් අර්ඩන් පවසන්නේ ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි උදෙසා විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.

 

 

Related posts

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

Leave a Comment