දේශීය

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

 

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ.

 

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන් බවය.

 

කෙසේවෙතත් අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව නිමල් ජි.පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related posts

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

වාරණ මණ්ඩලය අහෝසියි

Mohamed Dilsad

Leave a Comment