ප්‍රමුඛ පුවත 1

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  – චාමර සදරුවන් නොහොත් වනාතේ කුඩු රොෂාන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට භාර වී තිබේ.

අද(08)  පස්වරුවේ ඔවුන් අධිකරණයට භාර වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 22 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

වනාතමුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කුඩු රොෂාන් පසුගිය (5)දා වනාතමුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී  ඝාතනය කර තිබුණි.

තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය විය.

නමුත් කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කර ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොතිබුණි.

කෙසේවෙතත් අද දිනයේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයෝ තිදෙනෙක් අධිකරණයට භාර වුහ.

Related posts

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තබයි

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment