ප්‍රමුඛ පුවත 1

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

(UTV| කොළඹ) – ඔරුගොඩවත්තේ බහාලූම් අංගනයේ සැකකටයුතු බහාලූමක සඟවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 973 ක් සහ විදේශීය මත්පැන් සොයා ගැනීමට හැකි වෙයි.

ඒ රේගු නිලධාරින් සිදු කළ පරීක්‍ෂාවකදීය.

එහි විදේශීය සැර මත්පැන් බෝතල් 232 ක්, වයින් බෝතල් 253 ක් සහ බීර බෝතල් 46 ක් මෙන්ම, දුම්වැටි දහසක් හමුවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැණුනු හෂීස් මත්ද්‍රව්‍ය තොගය රුපියල් දස ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්ත අතර විදේශීය මත්පැන් වල වටිනාකම රුපියල් හත්ලක්ෂ 76,000 කට අධිකය.

ඒ අනුව බහාලූමේ තිබී සොයා ගත් නීතිවිරෝධී භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් දාහත් ලක්ෂ 76,000 ක් බව රේගුව පවසයි.

මෙම තහනම් භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරසවි කඩඉම් ලකුණූ මැයි අවසානයේ..

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

දුම්රියේ වෙළඳාමේ සහ සිඟමනේ යෙදුණු 15ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment