ප්‍රමුඛ පුවත 1

ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්

(උදයම්,කොළඹ)  –  සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ රාජා පේ‍්‍රමදාස, වී.ඞී. දහනායක, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන්ය.

ලේක්හවුස් ආයතනයේ පරිපාලන හා කළමනාකරණ දුර්වලතා හදුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබද විමර්ශනය සහ සේවක පරිපාලනය යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.

අදාළ කමිටු වාර්තාව මාස 03 ක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදිය යුතු අතර කමිටු වාර්තාව සැකසීමේදී සේවක හා මහජන අදහස් ද විමසිය යුතුය.

ලේක්හවුස් ආයතනයේ ඉදිරි දියුණුව සහ එහි කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කර තිබෙන අතර ආයතනයේ සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි සියලූ පුවත්පත් උසස් ප‍්‍රමිතියකින් පාඨකයින් වෙත ලබාදීම සහ ලේක්හවුස් ආයතනය අනෙකුත් පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන සමග තරගකළ හැකි අයුරින් ඉදිරියට ගෙන ඒම මෙහි අරමුණයි.

Related posts

ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිති

Mohamed Dilsad

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

Mohamed Dilsad

Leave a Comment