ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැන අවසන් තීරණය 17

(උදයම්.කොළඹ)  –  මාළඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මේ මස 17 වන දා රැස්වීමට නියමිතය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න පිළිබදව වෛද්‍ය සභාවේ මූලික අවදානය යොමුව තිබේ.
කෙසේ වෙතත්  වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තුරු දිවයිනේ වෛද්‍ය පීඨ අටේම සිසුහු ඊයේ දිනයේ සිට අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටිති.

Related posts

දුම්රිය විස්සක් අද ධාවනයට

Mohamed Dilsad

සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට ඇමති රිෂාඩ් යයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment