ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවට

(උදයම්,මන්නාරම)  –  නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන  මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී  ඔවුන් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවරයින් විසින් භාවිත කළ ඩිංගි බෝට්ටු 7ක්, සුරුක්කු දැල් 7ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් 3ක් සහ මුහුණු ආවරණ 12ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම උපකරණ සහ අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසීය.

Related posts

තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

Leave a Comment