ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවට

(උදයම්,මන්නාරම)  –  නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන  මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී  ඔවුන් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවරයින් විසින් භාවිත කළ ඩිංගි බෝට්ටු 7ක්, සුරුක්කු දැල් 7ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් 3ක් සහ මුහුණු ආවරණ 12ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම උපකරණ සහ අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසීය.

Related posts

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන අද නව දිල්ලියේ දී සාකච්ඡාවක්

Mohamed Dilsad

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

Leave a Comment