ප්‍රමුඛ පුවත 1

(UTV| කොළඹ) – ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීම සඳහා දඹුල්ලට පැමිණි බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගජමුතු යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කොට ලබාගත් ඒවා බවට සක කෙරේ.

බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු  සහ ඔවුන්ගේ ඥාතියෙක් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර දින ගණනාවක් තිස්සේ ගජමුතු 2 මිලදී ගැනීමේ ගැනුම් කරුවන්  ලෙස දුරකථනයෙන් සාකච්ඡා කර ගනුදෙනුව සිදුකිරීම සඳහා දඹුල්ලට ගෙන්වාගෙන මෙසේ ඔවුන් තිදෙනා  සහ ගජමුතු 2 අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

Mohamed Dilsad

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹයි.

Mohamed Dilsad

අකුරැස්සසේදි පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment