ප්‍රමුඛ පුවත 1

අකුරැස්සසේදි පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

 

(UTV |කොළඔ) – අකුරැස්ස, ඌරුබොක්ක ප්‍රදේශයේදී අද (02) අලුයම 2.50 පමණ පොලීසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගිය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුගිය මස 22 වැනි දා අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇති බව හෙතෙම පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අලුයම පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ සැකකරු පොලීසියට වෙඩි තබා තිබේ.

මෙහිදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

Leave a Comment