ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

(උදයම්,කොළඹ)   – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබේ.

ඒ අනුව තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ අදාළ පත් කිරීම පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර තිබේ.

සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරින් එක් අයෙකු හෝ ඊට වැඩි ගණනක් සඳහා අභියාචනා විභාග කිරීම සඳහා නිළධාරියෙකු පත් කළ යුතු වේ.

තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී අදාළ පාර්ශවයට තොරතුරු ලබාදීම තොරතුරු නිළධාරින්ගේ කාර්යයභාරය වන අතර ඒ පිළිබඳ පැමිණිලි විභාග කිරීම අභියාචනා නිලධාරියා හට පැවරේ.
 

Related posts

ගනේමුල්ලේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

හෝටල් පරීක්ෂාවක් සිදු කිරීමේ සැළැස්මක්

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment