ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

(උදයම්,කොළඹ)   – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබේ.

ඒ අනුව තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ අදාළ පත් කිරීම පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර තිබේ.

සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරින් එක් අයෙකු හෝ ඊට වැඩි ගණනක් සඳහා අභියාචනා විභාග කිරීම සඳහා නිළධාරියෙකු පත් කළ යුතු වේ.

තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී අදාළ පාර්ශවයට තොරතුරු ලබාදීම තොරතුරු නිළධාරින්ගේ කාර්යයභාරය වන අතර ඒ පිළිබඳ පැමිණිලි විභාග කිරීම අභියාචනා නිලධාරියා හට පැවරේ.
 

Related posts

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

Mohamed Dilsad

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

Mohamed Dilsad

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින් අද දිවයින පුරා වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment