විදෙස්

නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනී

(UTV| ඉන්දියාව) – ඉන්දියාව නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ගුවන් හමුදාවට එක් කරන මෙම නව ප්‍රහාරක ජෙට් යානා සඳහා ඉන්දීය රුපියල් කෝටි ලක්ෂයක් එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කරයි.

ඉන්දීය ගුවන් හමුදාවේ විවිධ අවශ්‍යතාවන් අනුව මෙම ප්‍රහාරක යානා රටවල් කිහිපයකින් ලබා ගැනීමට අපේක්ෂිතය.

ස්වීඩනයේ සාබ්, ඇමරිකා එක්සත් ජනපදයේ ලොක්හීඞ් – මාර්ටින් සහ බෝයිං, ප්‍රංශයේ ඩැසෝල්ට් සමාගම්වලින් සහ රුසියානු මිග් යානා මෙන්ම යුරෝපීය ඒකාබද්ධ නිෂ්පාදනයක් වන යුරෝෆයිටර් ජෙට් යානා මේ අනුව ඉන්දියාව විසින් ඇණවුම් කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තීරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment