ප්‍රමුඛ පුවත 1

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

(UTV| කොළඹ) – ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත පාසල් සිසුන් අට දෙනා වෙත රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ත්‍යාග ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

එම සිසුන් වෙත අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණි.
ලබන මැයි මස 05 සිට 13 දින දක්වා වියට්නාමයේ පැවැත්වෙන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා මාතර සුජාතා විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩි විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් සිසුන් අට දෙනෙක් සහභාගී වීමට නියමිත වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ…

Mohamed Dilsad

දේශපාලනය පිලිබඳ නොදන්නා පිරිස් ජනාධිපතිවරණයට [VIDEO]

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය යලි නිකුත් කරේ

Mohamed Dilsad

Leave a Comment