ප්‍රමුඛ පුවත 1

ටියැංගොන් කඩා වැටීම ලංකාවට බලපායිද?

(UTV| කොළඹ) – ටියැංගොන් 01 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙරට වේලාවෙන් උදෑසන 5.45 ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඇති බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වත්ම සමඟ එහි වැඩි කොටසක් ගිනිගෙන විනාශ වී තිබේ.
ලොව විශාලතම අභ්‍යවකාශ විද්‍යාගාරවලින් එකක් වන චීනයට අයත් ටියැන්ගොන්ග් 1 පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඇත.
එය තවදුරටත් පෘථිවියේ සිට පාලනය කළ නොහැකි මට්ටමේ පැවතීම ඊට හේතුවයි.
චීනය සතුව පැවති විශාලතම මෙන්ම අග්‍රගණ්‍ය අභ්‍යවකාශ ව්‍යාපෘතිවලින් එකක් ලෙස මෙය සැළකෙන අතර එය දිව්‍ය මාළිගාව ලෙසද හැඳින් වෙයි.
ඒ අනුව මීටර් 10ක් දිග ටොන් 8කට වඩා බර මෙම අභ්‍යවකාශාගාරය පෘථිවියේ සිට අභ්‍යවකාශය වෙත ගොස් නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බොහෝ නිර්මාණයන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය.
මෙම කඩා වැටීම නිසා පෘථිවියේ ඇතැම් ප්‍රදේශ දැඩි අවදානමකට නියමිතව තිබුණද මේ වන විට එහි කොටස් දකුණු පැසිෆික් සාගරයේ මධ්‍යම ප්‍රදේශයට කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

Mohamed Dilsad

දුවගේ පහර දීමෙන් මවක මරුට

Mohamed Dilsad

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

Leave a Comment