ප්‍රමුඛ පුවත 1

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගනු ලැබූ නේපාල ජාතිකයා විසින් ගිල දැමූ හෙරොයින් ගුලි 90ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකාර නේපාල ජාතිකයා පසුගිය 30 වන දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තේය.

එය මෙතෙක් ගුලි වශයෙන් ගිල ඉවතට ගෙන ඇති විශාලතම හෙරොයින් තොගය ලෙසයි සැලකේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 90කි.

ඔහු තවදුරටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා අදත් CID එයි

Mohamed Dilsad

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

කෝටි 3 ක හෙරොයින් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment