ප්‍රමුඛ පුවත 1

විශ්වසභංගයට එරෙහි වීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ඒ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවතුණි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, නවීන් දිසානායක, සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද  එක්ව සිටි බව වාර්තාවේ.

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය දීම කෙරෙහි මෙහිදී  ඔවුන්ගේ අවධානය එහිදී යොමුවී ඇත.

විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණි.

නමුත් මෙම සාකච්ඡාවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා හෝ රාවුෆ් හකීම් මහතා සහභාගි වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ධීවර කටයුතු වලට අවදානමක්

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 17 යළි රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment