ප්‍රමුඛ පුවත 1

නේපාල ජනපතිනියට ජනපතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

නේපාල ජනාධිපතිනිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් එතුමිය වෙත සිය සුබපැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නේපාල පාර්ලිමේන්තුව විසින් බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධූරයට තෝරාපත් කර ගැනීම එතුමිය කෙරෙහි තබා ඇති අතිශය විශ්වාසය පිළිබිඹු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් පත් කෙරේ

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව විමර්ශන ඒකකයක්.

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment