ප්‍රමුඛ පුවත 1

නේපාල ජනපතිනියට ජනපතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

නේපාල ජනාධිපතිනිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් එතුමිය වෙත සිය සුබපැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නේපාල පාර්ලිමේන්තුව විසින් බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධූරයට තෝරාපත් කර ගැනීම එතුමිය කෙරෙහි තබා ඇති අතිශය විශ්වාසය පිළිබිඹු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි 3 ක හෙරොයින් සොයා ගැනේ

Mohamed Dilsad

ගුවන් යානා ප්‍රමාදය තවදුරටත්

Mohamed Dilsad

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment