ප්‍රමුඛ පුවත 1

TITLI සුළි කුණාටුව ඉන්දියාව දෙසට

(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුනාටුව(TITLI) 2018 ඔක්තෝබර් 09 දින 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ…

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1000 පමණ දුරින් ස්ථානගතව පවතින අතර එය වයඹ දෙසට ගමන් කරමින් ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු වේ.

බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවවිශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු, මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය නියාමකවරුන් වර්ජනයේ

Mohamed Dilsad

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස්

Mohamed Dilsad

Leave a Comment