ප්‍රමුඛ පුවත 1

මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වන බවට අනාවැකි

(UTV| කොළඹ) – දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇත. එය මේ වන විට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර වයඹ දෙසට බරව බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට, මඩකළපුව සහ ත්‍රීකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ගාල්ල සිට හම්බන්තොට සහ මඩකළපුව ත්‍රීකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මීගමුව සිට මන්නාරම, ත්‍රීකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි. මි 50-60 දක්වා ඉහළ යා හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. එම නිසා ඉදිරි පැය 48 තුල ධීවර ප්‍රජාව මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතු සිදු කිරීමෙන් වලකින ලෙස අවවාද කෙරේ. ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති නිදහස් දින පණිවුඩයෙන් කියයි

Mohamed Dilsad

Leave a Comment