ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදා

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව එක්ව නිර්මාණය කරන මෙම කලාපය හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ විවෘත කිරීමට සැළසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ඊ ෂියෑන්ලියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කිරීමට නියමිතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට පවරා දෙන බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොට වරාය අවටින් ඉඩම් අක්කර 1200ක් හදුනාගෙන ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් අක්කර 2000ක් ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් අක්කර 7000ක් ද හඳුනාගෙන ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවඑම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම ඉඩම් වලින් සියයට 95ක්ම රජයේ ඉඩම් වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර දක්ෂිණ සංවර්ධන සැළැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට පවරා දෙන බව පවසමින් සංවර්ධන ව්‍යායාමයට එරෙහිව ජන මතයක් ගොඩනැංවීමේ කූට සැලැස්මක් බංකොලොත් දේශපාලඥයින් පිරිසක් විසින් දියත් කරෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ගැසට් පත්‍රය නිකුත් වෙයි.

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

2017 ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment