ප්‍රමුඛ පුවත 1

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

(උදයම්,කොළඹ) – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද දිනයේ යළි භාරදීමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිත සාලිය මැතිව් මහතා අදාළ වාර්තාවට ඊයේ දිනයේ අත්සන් කර තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තාව සඳහා කමිටු සාමාජිකයින් සිව් දෙනෙකු අත්සන් තබා ඇත.

මෙතෙක් වාර්තාවට අත්සන් කර නොමැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත නීතිඥ එස්.මිස්බා මහතාගේ ස්ථාවරය පිළිබඳව විමසීමට බලාපොරොත්තු වන බව අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාර්තාව බොහෝ දුරට අද දිනය තුළ ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

Related posts

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

Mohamed Dilsad

ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment