ප්‍රමුඛ පුවත 1

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

(උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.

ඒ ඝාතනයට අදාළව නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අනුර බුද්ධදාස මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීය.

දැනට සිදුකරන ලද විමර්ශනවලට අදාළව ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කියා සිටියේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම පිළිබදව අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබේ.

එසේම දැනට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Related posts

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

Leave a Comment