ප්‍රමුඛ පුවත 1

ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්

(උදයම්,කොළඹ)  – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිණී කොළොන්න මේ බව කියා සිටියේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ ශ්‍රී ලාංකිකයන් ඇතුලූ රටවල් විස්සක පුද්ගලයින් 71 දෙනෙකු සිරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පලවිය .

මේ පිළිබඳව කල විමසීමකදී ඇය කියා සිටියේ මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා මේ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ බවය.

කෙසේ වෙතත් තවදුරටත් මේ පිළිබඳ සොයාබැලීමට අවශ්‍ය නම් දුරකථන අංක 00 1 91 75 97 70 09 න් නිව්යෝක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව පවසයි.

ඇමරිකාවේ නව සංක්‍රමණික නීති පැනවූ රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බවයද ඇය සඳහන් කලාය.

Related posts

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද

Mohamed Dilsad

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

Mohamed Dilsad

Leave a Comment