ප්‍රමුඛ පුවත 1

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

(UTV| කොළඹ) – දුම්රිය හරස් මාර්ගයන් හි සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය, සිසිර කෝදාගොඩ මහතා අප වෙත පැවසීය.
ඒ අනුව මෙම නව වැඩසටහනේ පළමු අදියරේ දී කැලණිවැල දුම්රිය මාර්ගයේ සියලු ම දුම්රිය හරස් මාර්ගයන්ට ප්‍රථම ව අඩි 30න් 30ට දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් ඇති බැවින් වේගය සීමා කරන ලෙස දැනුම් දෙනු ලබන ලුමිනස් බෝඩ් 03බැගින් ඉදිකිරීම සිදු කෙරේ.
එසේම දුම්රිය මැදරි තුළ මෙන් ම දුම්රිය ස්ථානවලද මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අවශ්‍ය දැනුම්වත්කිරීමේ බෝඩ් සවිකිරීම ද සිදු කෙරේ.
ඒ අනුව අද (12) මෙම බෝඩ් සවිකිරීමේ කටයුත්ත මහරගම, නාවින්න දුම්රිය හරස් මාර්ගයේ දී සිදු කෙරේ.
එමෙන් ම ලබන මාසයේ දී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මෙන් ම කොළඹ – මුහුදුබඩ දුම්රිය මාර්ගයන් හි ද මෙම කටයුත්ත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පෙන්වා දුනි.
2017 වසරේ දී දුම්රිය හරස් මාර්ගයන් හි දුම්රිය අනතුරු 261ක් සිදු ව ඇති අතර ඉන් පුද්ගලයින් 61දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

Leave a Comment