ව්‍යාපාරික

මැටි භාණ්ඩ ගම්මාන සංවර්ධනයට රුපියල් මිලියන 5 ක්

(UTV| කොළඹ) – දිවයින පුරා විසිරී සිටින මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මාන සංවර්ධනය සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය රුපියල් මිලියන 05 ක් වෙන් කර ඇත.

මේ යටතේ කෑගල්ල, නුවරඑළිය , මාතලේ , මොණරාගල , පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ගම්මාන 24 ක් සංවර්ධනය කෙරේ. මෙමගින් ප්‍රතිලාභීන් 282 කට සෙත සැලසෙන අතර කර්මාන්තකරුවන් සඳහා නව තාක්ෂණය හා දැනුම ලබා දීම සඳහා පුහුණු වැඩ සටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කර්මාන්තකරුවන් සඳහා විදුලි සකපෝරු ,පහන් අච්චු ,මල් පෝචිචි අච්චු ,මැටි අඹරන යන්ත්‍ර ,ගෑස් වලං නිෂ්පාදන යන්ත්‍ර හා පෝරණු ලබා දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

Editor O

ආර්ථික සහයෝගිතාවය දියුණු කිරීමට ජපානය සහ ලංකාව එකඟතාවයකට

Mohamed Dilsad

Leave a Comment