ප්‍රමුඛ පුවත 1

කථානායකතුමාට ජපානයෙන් සම්මානයක්

(උදයම්,කොළඹ ) – ජපාන රජය මගින් පිරිනමන “රයිසින් සන්“ හෙවත් “උදාවන සූර්යා“ සම්මානය කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිරිනමයි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින් ජපාන රජය දීර්ඝ කාලයක සිට සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.

“රයිසින් සන්” හෙවත් “උදාවන සූර්යා”  සම්මානය පසුගිය වසරේ නොවැම්බර් මස 8 වැනිදා අකිහිතෝ ජපාන අධිරජ අතින් පිළිගැන්වීම සඳහා කටයුතු යොදා තිබුණ ද කථානායක කරූජයසූරිය මහතාගේ දියණියගේ අභාවය හේතුවෙන් ඔහුට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.

ඒ අනුව ඊයේ(31) පස්වරුවේ මෙරට ජපාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපාන තානාපති කෙන්චි සුගනුමා අතින් අදාළ සම්මානය පිරිනමා තිබේ.මෙම  සම්මානය විදේශිකයන් සඳහා ජපාන රජය විසින් පිරිනමනු ලබන ගෞරවනීයම සම්මානයකි.

Related posts

ජනාධිපති සීනිගම දේවාලයේ සංචාරයක.

Mohamed Dilsad

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

Mohamed Dilsad

සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment