ප්‍රමුඛ පුවත 1

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

(UTV| කොළඹ) – මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට තීරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුහ.

එහිදී තීරණය වී ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මුලික සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුලත් කර ගැනීම සිදු කිරීමටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

IOC ඉන්දන මිල ඉහළට

Mohamed Dilsad

ජනාධිපති විසින් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කෙරේ.

Mohamed Dilsad

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment