ප්‍රමුඛ පුවත 1

තරුණයින් දෙදෙනෙකු කැළණි ගඟට බිලි

(UTV| කොළඹ) – කොස්ගම, කපුගොඩ ප්‍රදේශයේ තොටුපලේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

තරුණයින් තිදෙනෙකු ඊයේ (20) පස්වරුවේ මෙම තොටුපලෙන් කැළණි ගඟට බැස දියනෑමමට සුදානම් වූ අවස්ථාවේ ඉන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා විය.
ප්‍රදේශවාසීන් හා කොස්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකළ ද තරුණයින් දෙදෙනා සොයාගැනීමට නොහැකි වුණි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහටපිටිය, ශාලාවත්ත ප්‍රදේශ වල පදිංචි 19 හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
අද (21) උදෑසන සිට තරුණයින් සෙවීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිත අතර කොස්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

නව රජය අතීතයේ වැරදි නැවත කළහොත් ඊට හඬ නඟනවා [VIDEO]

Mohamed Dilsad

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment