ප්‍රමුඛ පුවත 1

අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේ

(උදයම්,අම්පාර) – අම්පාර – කල්මුණේ – සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10 දෙනෙක් තුවාල ලබති .

තුවාල ලැබුවන් මේවන විට කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය තුන්දෙනා පාලමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ අතර අද අලූයම 12.20 ට පමණ  කොළඹ – නුවර මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් තවත් අනතුරක් සිදු විය.

එහිදී නවසීලන්ත ජාතිකයන් හයදෙනෙකු ඇතුලූ අටදෙනෙක් තුවාල ලැබුහ.

ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකු කාන්තාවන් බවද වාර්තාවේ.

Related posts

වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන සමාජිකයින් අද දිවයිනට

Mohamed Dilsad

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් Pro Food Pro pack ප්‍රදර්ශනය නිමා වෙයි

Mohamed Dilsad

Leave a Comment