Trending News

ඡන්ද විමසීම් රාජකාරි සඳහා සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍යයි

(UTV| කොළඹ) – මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා පත් කර තිබෙන සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018-2-10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත සමහර රජයේ නිලධාරීන්, සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන්
වැළකී සිටීමට හා ඡන්දය විමසීම සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සහ කරන බවට තොරතුරු ලැබී තිබේ.

මහජන බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්, ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කරන ඡන්ද විමසීමකදී ඒ සඳහා රාජකාරීමය වශයෙන් සක්‍රීය සහාය ලබාදීමට ඔවුන් වෙත සදාචාරාත්මක බැදීමක් හා
වගකීමක් පවතින බව අවධාරණය කරන අතර, ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් බැඳී සිටී.

එම විධාන උල්ලංඝණය කිරීම, රුපියල් ලක්ෂයක දඬයකට හෝ වසර තුනක සිර දඬුවමකට හෝ එකී දඬය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වීමට හේතුවන වරදක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
104 ( උ ) ව්‍යවස්ථාවේ නිශ්චිතවම සඳහන් කර ඇති බව මෙයින් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ,විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ අවධනය යොමු කරනු ලැබේ.

එබැවින් 2018 පෙබරවාරි 10 දිනට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වීම පිණිස අදාළ රාජකාරි ඉටු කිරීම පැවරී ඇති සියලුම රජයේ/ රාජ්‍ය ආයතනවල නිලධාරින්/ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඒ
සඳහා ස්වකීය වගකීම් නීත්‍යානුකූලව ඉටු කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරද, ඉල්ලීමක් කරද සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Sajith comments on several incidents took place over the past few days

Mohamed Dilsad

Hemasiri’s bail application to be considered today

Mohamed Dilsad

Two earthquakes hit Indonesian province of Aceh

Mohamed Dilsad

Leave a Comment