ප්‍රමුඛ පුවත 1

සවසට ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්  ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන  විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර  දිස්ත්‍රික්කවලත්  උදෑසන  කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

රත්නපුර සහ ගාල්ල  දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 පමණ)  ඇති විය හැක.

මන්නාරම සිට කොළඹ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්

Mohamed Dilsad

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment