ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන ශ්‍රී ලංකාවේ 70වැනි ජාතික නිදහස් උත්සවය සඳහා ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් පැමිණෙන අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට තහවුරු කොට ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

රුපියල් බිලියනයක් ඉල්ලා ඇමති රාජිතගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එන්තර වාසියක්

Mohamed Dilsad

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment