ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන ශ්‍රී ලංකාවේ 70වැනි ජාතික නිදහස් උත්සවය සඳහා ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් පැමිණෙන අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට තහවුරු කොට ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආගමන හා විගමන නිලධාරින් ජනපති හමුවෙයි

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

යළි දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment