ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වාණිජ වටිනාකමින් යුතු දැව අවශ්‍යතාවයෙන් 40%ක් ගෙවතු ආශ්‍රයෙන් ද, 10%ක් දැව සංස්ථාව වෙතින් ද, 10% ප්‍රමාණයක් ආනයනය කිරීමෙන්ද සපුරා ගන්නා බවත් දැව ආනයනය කිරීම සඳහා වර්ෂයකට රුපියල් බිලියන 13ක් පමණ වැය වන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

අද (25) එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙලෙස වාර්ෂිකව විදෙස් රටවල් වෙත ලබාදෙන රුපියල්  බිලියන 13ක මුදල අවම කරගැනීම මෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වන 27.5%ක ප්‍රමාණය ඉදිරි වසරක කාලය තුළ 32%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වාණිජ වටිනාකමින් යුතු ශාඛයන් ගෙවතු වගාව සඳහා හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම නව වැඩපිළිවෙළ ආර්ථික සංවර්ධන නිලධාරිවරයාගේ මගපෙන්වීම යටතේ රජයේ පැල තවාන් හරහා ජනතාව වෙත අවශ්‍ය ශාඛයන් නොමිලේ ලබාදීම සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක්- ජනපති

Mohamed Dilsad

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment