ක්‍රීඩා

සීක්කුගේ ලොව දෙවන තැනට

(උදයම්, කොළඹ)  – ඊයේ තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සීකුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 37ක් රැස් කළේය.ඒ පන්දු 16කට මුහුණ දෙමිනි.ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත විය.මෙම ඉනිම ඔහුගේ හොඳම විස්සයි විස්ස ඉනිමද වේ.

සමස්ථයක් ලෙස විස්සයි විස්ස තරඟවල සීකුගේ ප්‍රසන්නගේ පන්දුවට පහරදීමේ වේගය ලෙස සඳහන් වන්නේ 166.83කි.එය විස්සයි විස්ස තරඟවල ලොව දෙවන වේගවත්ම පන්දුවට පහර දීමේ වේගයයි.

මෙහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ නවසීලන්ත ක්‍රීඩක කොලින් ග්‍රෑන්ඩ්හෝම්ය.ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 170.74කි.

තෙවන ස්ථානය බටහිර ඉන්දිය කොදෙව්හි ඇන්ඩ්‍රේ රසල්ට හිමිව තිබේ.ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 164.71 ලෙස දැක්වේ.

Related posts

තරඟාවලිය සඳහා එන එංගලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

සිම්බාබ්වේ – බංගලාදේශය අතර ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Mohamed Dilsad

IPL ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගය අද

Mohamed Dilsad

Leave a Comment