ප්‍රමුඛ පුවත 1

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

(UTV|කොළඹ)  – 1990 “සුවසැරිය” හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින්  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E.  Taranjit Singh Sandhu) මහතාත් අත්සන් තබන ලදී.

මෙම අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගිව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රෝහල් රැසක හෙද වර්ජනයක්

Mohamed Dilsad

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

Leave a Comment