ප්‍රමුඛ පුවත 1

පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමක්

(UTV|කොළඹ) – උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සඳහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද‍ (03) පෙරවරුවේ සිදු විය.

ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය 2018 නව වසරේ රාජකාරී ඇරඹීමට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පළතුරු පැළ ලබාදෙන ලදී.

අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ ඛෙදාදීම සිදු විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාපෙළ තවත් සිසුවෙකු විභාග වංචාවක

Mohamed Dilsad

අද සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

Mohamed Dilsad

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment