ප්‍රමුඛ පුවත 1

හීමෝෆීලියා දරුවන්ගේ ඖෂධ ගබඩා කිරීමට ශීතකරණ පහසුකම්

(UTV|කොළඹ) – හීමෝෆීලියා රෝගයට ගොදුරුව සිටින දරුවන් 73 කට සිය ඖෂධ ගබඩා කර තබා ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ ශීතකරණ 73 ක් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.

කොළඹ රොටරි සමාජය සහ NDB බැංකුව ඊට මුල්‍යාධාර ලබාදී ඇත.

ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 15 කි.

මෙවැනි ශීතකරණ ලබාදීමෙන් හීමෝෆීලියා දරුවන්ට විශාල සහනයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ‍

මෙම අවස්ථාවට කොළඹ රොටරි සමාජයේ අධිපති පුජ්‍ය බදගිරියේ සෝමවංශ නාහිමි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, හීමෝෆීලියා සංගමයේ සභාපති ජී.බී ගොඩමුන්න මහතා, රොටරි සමාජය වෙනුවෙන් පුබුදු ද සොයිසා මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සිසුන් පිරිසක් පහරදී සිසුවෙකු රෝහලේ

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment