ප්‍රමුඛ පුවත 1

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයක්

(UTV|කොළඹ) – දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වය වැඩි වේ.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.සෙසු පළාත්වල සවස 2.00 පසු තැනින්තැන වැසි හෝ ගිගිරුම්සහිත වැසි ඇති වේ.

උතුරු සහ නැගෙනහිර පළාත් වලත්පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති වියහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මඩකළපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලින් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment