ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේ

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ගුරුවරියෝ තිදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්වෙති.

 

මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩයක් සුළඟට ඇවිස්සීයාමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

 

එහිදී පාසල් සිසුන් 25 දෙනෙකු, පාසලේ විදුහල්පතිවරයා සහ තවත් ගුරුවරියන් තිදෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

 

තුවාල ලැබූවන් කිලිනොච්චිය සහ ධර්මපුරම් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

 

කෙසේවෙතත් අදාළ බඹර කූඩුව පුදුකුඩිඉරිප්පු පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 

 

Related posts

රාජපක්ෂ පාලනයේ ඔත්තු සේවා තමන් පස්සෙන් පැන්නුවා – දුමින්ද නාගමුව [VIDEO]

Mohamed Dilsad

මෙරට බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි.

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිලිබඳ මන්ත්‍රීවරුන්ගේ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment