Trending News

බැඳුම්කර කොමිසමේ කාලය තවත් කල් යයි

(UTV|කොළඹ) – බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කර ඇත.ඒ අනුව එම කාලය තවත් දින 23 කින් දීර්ඝ කර තිබේ.

හෙට(08) දිනෙන් එම කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව තිබූණි.

මෙලෙස දීර්ඝ කිරීමත් සමග කොමිසමේ කාලය දෙසැම්බර් 31 වනදා දක්වා බල පැවැත්වෙනු ඇත.

බැඳුම්කර කොමිසමේ වාර්තාවද හෙට දිනයේ ජනාධිපතිවරයා වෙත ලබාදීමටයි නියමිතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

15 bodies found after explosions in Kalmunai residence

Mohamed Dilsad

Donald Trump arrives at his comfort zone at ‘winter White House’

Mohamed Dilsad

විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment