ප්‍රමුඛ පුවත 1

ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දෙනවා – අමාත්‍ය පී.හැරිසන්

(UTV|කොළඹ) – ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

“වී ආරක්ෂක තොග මෙ.ටොන් 50,000ක් පවත්වා ගෙන යන්නේ. සහල් අවශ්‍යතාවය නිසා මේ තොගයත් මුදා හැර තිබෙනවා. සහල්වල හිඟයක් තිබෙනවා. නියඟය නිසා අස්වැන්නක් හරියට ආවේ නෑ. මේ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. සතොස හා පෞද්ගලික අංශයත් සහල් ගෙන්වා තිබෙනවා. හිඟයකින් තොරව සහල් ලබාදීමට අතිගරු ජනාධිපතුමා සහ අගමැතිතුමා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මුලදි ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළා. සියලු වී තොග සතොස හරහා සහල් බෙදා හරින්න කියලා ජනාධිපතිතුමා නියෝග කළායැයි ද අමාත්‍යවරයා පැවසී ය”.

Related posts

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment