ප්‍රමුඛ පුවත 1

ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දෙනවා – අමාත්‍ය පී.හැරිසන්

(UTV|කොළඹ) – ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

“වී ආරක්ෂක තොග මෙ.ටොන් 50,000ක් පවත්වා ගෙන යන්නේ. සහල් අවශ්‍යතාවය නිසා මේ තොගයත් මුදා හැර තිබෙනවා. සහල්වල හිඟයක් තිබෙනවා. නියඟය නිසා අස්වැන්නක් හරියට ආවේ නෑ. මේ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. සතොස හා පෞද්ගලික අංශයත් සහල් ගෙන්වා තිබෙනවා. හිඟයකින් තොරව සහල් ලබාදීමට අතිගරු ජනාධිපතුමා සහ අගමැතිතුමා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මුලදි ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළා. සියලු වී තොග සතොස හරහා සහල් බෙදා හරින්න කියලා ජනාධිපතිතුමා නියෝග කළායැයි ද අමාත්‍යවරයා පැවසී ය”.

Related posts

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

Mohamed Dilsad

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් රැකියා 120,000ක්

Mohamed Dilsad

Leave a Comment