ප්‍රමුඛ පුවත 1

23 ලක්ෂයකට අධික මුදල් රේගුවේදී අල්ලයි

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා රුපියල් 23ලක්ෂයකට අධික මුදලක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ 46 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද(28)  අළුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා අද දින අළුයම 2.14 ට ඩුබායි වෙත යෑමට නියමිතව තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 558 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කළ අතර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment