ප්‍රමුඛ පුවත 1

23 ලක්ෂයකට අධික මුදල් රේගුවේදී අල්ලයි

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා රුපියල් 23ලක්ෂයකට අධික මුදලක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ 46 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද(28)  අළුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා අද දින අළුයම 2.14 ට ඩුබායි වෙත යෑමට නියමිතව තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 558 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කළ අතර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

Leave a Comment