ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – මරදාන, සංඝරාජ මාවතේ පිහිටි ලැගුම්හලක කළමනාකාරවරයෙකු පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(26) අලූයම අත්අඩංගුවට ගත් මෙම පිරිස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජීප් රථයකින් පැමිණ කළමනාකරු පැහැරගෙන ගොස් ඇත්තේ පෙරේදා රාත්‍රියේයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27, 31 සහ 40 යන වයස්වල පසුවන ගොඩකවෙල, ගලේවෙල සහ කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment