ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – මරදාන, සංඝරාජ මාවතේ පිහිටි ලැගුම්හලක කළමනාකාරවරයෙකු පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(26) අලූයම අත්අඩංගුවට ගත් මෙම පිරිස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජීප් රථයකින් පැමිණ කළමනාකරු පැහැරගෙන ගොස් ඇත්තේ පෙරේදා රාත්‍රියේයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27, 31 සහ 40 යන වයස්වල පසුවන ගොඩකවෙල, ගලේවෙල සහ කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

Mohamed Dilsad

අල්ලස් ගැනීමට තැත් කළ සහකාර පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ්

Mohamed Dilsad

එජාපය බහුතරයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස තරඟ බිමට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment