ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනිය හමුවෙයි

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර සාකච්ඡා ඊයේ (23) පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී පැවැත්විණි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශවික කරුණු මෙන්ම කලාපීය දේශපාලන හා සමාජීය ප්‍රවණතාවන් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොන්ග්‍රස් පක්‍ෂ නියෝජ්‍ය සභාපති රහුල් ගාන්ධි සහ හිටපු අමාත්‍ය ආනන්ද ෂර්මා කොන්ග්‍රස් පක්‍ෂය වෙනුවෙන් මේ සාකච්ඡාවට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.

Related posts

වර්ෂාව තවදුරටත් – දිස්ත්‍රික්ක කීපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

පොලිස්පති අද හඬ පරීක්‍ෂණයට යන්න සුදානම්

Mohamed Dilsad

රවීට CIDයෙන් නඩු

Mohamed Dilsad

Leave a Comment