Trending News

ඉන්දියාව බලා ගිය අගමැති මේදී සමඟ සාකච්ඡා පවත්වෙමට සුදානම්

(UTV|කොළඹ) – නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යයි.
අද(21)  අලුයම 1.10ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ බැංග්ලෝර් බලා පිටත්ව ගොස් තිබේ.
මෙවර පස් වන ලෝක සයිබර් අවකාශ සමුළුව ඉන්දියාවේ නවදිල්ලිහිදී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්ව තිබේ.
‘සැමට සයිබර් තිරසර සංවර්ධනය සඳහා ආරක්ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්’ යන්න මෙවර ලෝක සයිබර් අවකාශ සමුළුවේ තේමාවයි.
ලබන 23 වන දින නවදිල්ලි එරෝසිටිහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදී මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වීමට නියමිතයි.
මෙම ඉන්දීය සංචාරය තුළ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ජනාධිපතිවරයා හමුවීමට ද සැලසුම් කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Related posts

போக்கு வரத்து நெரிசல் அதிகரிப்பே, வாகனங்களில் வரி அதிகரிப்புக்குக் காரணம்

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

අල්ලස් සිද්ධියට කොටු වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Editor O

Leave a Comment